හෙරෝයින් මත්කුඩු හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හඟුරන්කෙත හා රාගල ප්‍රදේශවල කළ වැටලිමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
දිර්ඝ කාලයක සිට හඟුරන්කෙත හා රාගල, වලපනේ යන ප්‍රදේශවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානත්මකව තහනම් මත්ද්‍රව්‍ය ලෙස නම් කර තිබෙන හෙරොයින් හා ගංජා අලෙවිය පිරිසක් විසින් සිදු කරන බවට ලැබි තිබු තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී හඟුරන්කෙත ප්‍රදේශයේ දී හෙරෝයින් මිලි ගෑම් 580ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් හා රාගල ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගංජා මිලි ගෑම් 3890ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (22) වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



