යාපනය, කන්කසන්තුරය සිට කොළඹ දක්වා ගමන්ගත් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ (23) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව ඇත.
යාපනය පොලිසිය පැවසුවේ, යාපනය හින්දු කාන්තා විද්‍යාලය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය හරහා පා පැදියකින් ගමන් කිරීමට උත්සහ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් පාපැදිය දුම්රියේ ගැටී විසි වි ගොස් ඇති අතර, පා පැදිකරු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



