වෙන්නප්පුව පොලිස් වසමේ බොලවත්ත ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්ත ශාලාවක ඊයේ (24) රාත්‍රීයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලීසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, මීගමුව නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ ද සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇත.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බව පොලීසිය පවසයි.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



