නොර්වුඩ් නගරයේ වෙලඳසැල් පෙළක ගින්නකින් 3ක් විනාශයි

Share

හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙලදසැල් පේලියක අද (25) අලුයම ගින්නක් හටගෙන ඇත.

අද උදැසන 6.45ට පමණ ගෑස් අලෙවි කරන වෙලදසැලකින් හටගත් ගින්න වෙලදසැල් තුනක් දක්වා පැතිර ගිය බව නොර්වුඩ් පොලිසිය පවසයි.

ගින්නෙන් ගෑස් අලෙවි කරන වෙලඳසැලක් සහ සිල්ලර වෙලඳසැලක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර තවත් එක් සිල්ලර වෙලඳසැලක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත.

පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ නොර්වුඩ් ප්‍රදේශවාසින් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News