ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට නව චූඩා මාණික්‍ය පැළඳවීම අද

Share

ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

රුවන්වැලි මහා සෑ පුදබිමේදී රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය ප්‍රදර්ශනය කිරීම අද දහවල් 12 ට අවසන් කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව අද පස්වරුවේ නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහා සෑ මුදුනට වැඩම කිරීමට නියමිතයි.

Read more

Local News