ජනාධිපති දියත් කර ඇත්තේ අවෛරී පාලනයක්

Share

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියත් කර ඇත්තේ අවෛරී පාලනයක් බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

සමුුුපකාරවල කරවල කා දැමු මීයන්ට මෙන් ජාතික දේපල විනාශ කර දැමුවන්ට පැත්තකට වී සිටිමට ඉඩ දීම නොවන බව ඒ මහතා කියා සිටියේය.

එයට සාධාරණ නීතියක් ඇති බවත්, ඒ අනුව එය ක්‍රියාත්මක වන බවත් කියා සිටි අමාත්‍යවරයා, පසුගිය කාලයේ පොලීසියක් සොයා ගැනීමට පවා නොහැකි වී ඇති බව ද පැවසීය.

පොලීසියට රාජකාරී නොතිබුණ බවත්, අද වන විට රටට එක නීතියක් ලැබී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News