මිලේනියම් සිටි බුද්ධි අංශ බලකාය වැටලීමට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ

Share

මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය.

2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ රහසිගත ආකාරයෙන් පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාසයක් වැටලීම තුළින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ ලැබූවේය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේය නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 25 වනදා සිදු කරන බවයි.

2002 වසරේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් වැටලීම තුළින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලා රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News