දෙමළ භාෂාවෙන් තිබු ප්‍රදර්ශන පුවරුවක් ගැලවු බවට පැමිණිල්ලක්

Share

සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව, දෙමළ භාෂාවෙන් ප්‍රදර්ශනය කර තිබු ප්‍රදර්ශන පුවරුවක් ගලවා අනර්ථයක් කළ සිදුවීමක් පානදුර දකුණ පොලිස් ස්ථානයට වාර්තා වී තිබේ.

මෙම නාමපුවරුව මාර්ගයක නමක් ප්‍රදර්ශනය කර තිබු නාම පුවරුවක් බව පොලීසිය සඳහන් කරයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විසින් විමර්ශනය සිදු කර ඇත.

ජාතීන් අතර සහජීවනය හා සාමය ආරක්ෂා කිරීමට බාධා වන මෙවැනි ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවට අද(25) පොලිස් මුලස්ථානය මඟින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව ජංගම සංචාර, යතුරු පැදි හා පාපැදි සංචාර ආදි සංචාර මඟින් එවැනි ක්‍රියා සිදුවීම් මුලිකව වළක්වා ගත යුතු බවට උපදෙස් දී ඇති බවද පොලීසිය පවසයි.

මෙවැනි පැමිණිල්ලක් ලැබුණු විට අදාළ පොලිස් ස්ථානය බාර සහකාර පොලිස් අධිකාරී විසින් එය විමර්ශනය කළ යුතු බවට ද, එවැනි සැකකරුවන්ට වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් වැඩිදුර  උපදෙස් ලබා දී ඇත.

Read more

Local News