මඩකලපුව, ආරියම්පති ප්රදේශයේ වැවක මසුන් ඇල්ලීමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
අද (25) දහවල් ආරියම්පති ප්රදේශයේ කිරුනිට්රුකේනි වැවේ මාළු ඇල්ලීම සඳහා පුද්ගලයින් පස් දෙනකු ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු මෙලස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 20 සහ 19 හැවිරිදි පුද්ගලයින් බව පොලීසිය පවසයි.



