හෙරොයින් සමඟ කතක් අත්අඩංගුවට

Share

හෙරොයින් හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 70 ක් ළඟ තබා ගත් කාන්තාවක් ගල්කිස්සේ දී පොලිස් වි‍‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) සවස ගල්කිස්ස පොලිස් වසමේ තෙලවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 33 ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News