අලි පැටවකු තබා ගත් වැඩ තහනම් වූ මහේස්ත්‍රාත්ගේ නඩුව කල්යයි

Share

බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත් බවට චෝදනා එල්ල වී සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඊයේ (25) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩු විභාගය පවත්වා තිබේ.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි වන ජීවී විෂය භාර අමාත්‍යංශයේ හිටපු ලේකම් අයෝධ්‍ය වික්‍රමසිංහ මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කළේය.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වන දා තෙක් කල් දමා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිණියක වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත්ව සිටියි.

Read more

Local News