පිළියන්දල රිය අනතුරකින් තරුණ ජිවිතයක් අහිමි ‌වෙයි

Share

පිළියන්දල ජාලිය‍ගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ සිරිමංගල වත්ත හංදිය ඉදිරිපිට දී අනතුරක් සිදුව ඇත.

කැස්බෑව සිට ජාලියගොඩ දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී විදුලි පහන් කණුවක හා ත්‍රීරෝද රථයක ද ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු පිළියන්දල රෝහලට ඇතුළත් කිරිමේදී මිය‍ගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු මාකන්දන, මඩපාත, පිළියන්දල ලිපිනයේ පදිංචි සචින්ත අශේන් නැමැත්තෙකි.

මෘත ශරීරය පිළියන්දල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදියේ පසු පැදිකරු, ත්‍රීරෝද රථයේ රියදුරු හා එම රථයේ ගමන් කළ මගියෙක් ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබේ.

Read more

Local News