උසස් පෙළ ප්‍රතිඵල ලබන මසදී

Share

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබන මසදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේ උසස් පෙළ ප‍්‍රතිඵල ලබන මස අවසන් සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදී පැවැත්වුණි.

ඊට අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

Read more

Local News