හලාවත-කොළඹ ප්රධාන මාර්ගයේ මාරවිල හත්තිනිය ප්රදේශයේදී ත්රිරෝද රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ රියදුරු වන මාරවිල හත්තිනියේ පදිංචිකරුවෙක්.
ඔහුගේ බිරිඳ හා දියණිය අනතුර සිදුවන අවස්ථාවේ ත්රිරෝද රථයේ සිට ඇති අතර බිරිඳට පමණක් තුවාල සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු හා කන්ටේනර් රථය මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (26) දහවල් මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



