ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද ඊයේ (26) පස්වරුවේ සිදුවිය.
ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීයි.
මෙහිදී අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරු සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට අති විශ්ෂ්ට සේවයක් කළ බවයි.
ඉදිරියේ දී ආණ්ඩුව ශක්තිමත් කිරිමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අවශ්‍ය ශක්තිය ලබා දීමට සියලු දෙනා තීරණය කළ බවත් මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේය.
කිසිවෙක් තනතුරු නොලැබීම ගැන කණගාටු නොවී ශක්තිය ලබා දීමට තීරණය කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම අභිප්‍රාය වන බවත් පැවසීය.



