ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණය පහසුකමක්

ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ‌ේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සමග ද්වි පාර්ශ්වීය සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් උසස් මට්ටමකට ගෙන ඒමට තමන් කටයුතු කරන බවත් තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස සිදුකරමින් දැක්වූ නිල ආරාධනාව සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තුතිය පළකරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාදුන් බව ජනාධිපතිවරයා කියා සිටිය අතර ඉන් ඩොලර් මිලියන 50 ක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ලබාදුන් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ‌ේ.

දෙරට අතර ආරක්ෂාව සහ බුද්ධි අංශ සම්බන්ධතාවයන් වැඩිදියුණු කරලීම ගැන මෙහිදී රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබූ බවත් පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ගැන ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකරනු ලැබීය.

Exit mobile version