නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (30) රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී තිබේ.
පස් කන්දට නිවස සම්පූර්ණයෙන් යට වී ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී නිවසේ සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ඔවුන් සොයා මෙහෙයුම් දියත් කිරීමට නොහැකි වී ඇත.
කෙසේවෙතත් වලපනේ පොලීසිය, නුවරඑළිය යුධ හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අද (01) උදෑසන 6.00ට පමණ මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
එහිදී 18 හැවිරිදි තරුණියකගේ සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබෙන අතර අතුරුදන් වූ අනෙක් තිදෙනා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.



