2019 වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට ශ්‍රි ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතයින් 1819 ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
2018 අවසන් වන විට එච්.අයි.වී ආසාදිතයින් පුද්ගලයින් 1574 දෙනෙකු දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන වලින් ප්‍රතිකාර ලබාමින් සිටින බවත්, 2019 සැප්තැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව 3393 දක්වා ඉහළ ගොස් ඇති බවත්,හෙට්ටි ආරච්චි මහත්මිය සඳහන් කරයි.
ශ්‍රි ලංකාවේ නව එච්.අයි.වි. ආසාදන වැඩිපුර වාර්තා වන්නේ පිරිමි – පිරිමි සම්බන්ධතා පවත්වන අය අතරවීම විශේෂත්වයක් බව ද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසීය.



