O/L අදින් ආරම්භ ‌වෙයි

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද (02) ආරම්භ වෙයි.

පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දින දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයින් සඳහා ලඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවයි සනත් පූජිත මහතා සඳහන් කළේය.

Read more

Local News