තම ඉන්දීය සංචාරය තුළින් ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසික බැඳීම පුනර්ජීවනය වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ සිය ඉන්දීය සංචාරය ඉතා සාර්ථක බවයි.
අපගේ අසල්වැසි ජාතියේ විශිෂ්ඨ පිළිගැනීම ආගන්තුක සත්කාරය සහ ගෞරවය අගය කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
සෑම අංශයකින්ම ඉන්දීයාව සමඟ උණුසුම් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශවික සබදතා පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එම සටහන මඟින් පෙන්වා දී තිබේ.
මේ අතර ඉන්දීය සංචාරයේදී ශ්‍රි ලංකන් ගුවන් සේවය ලබාදුන් විශිෂ්ඨ ආගන්තුක සත්කාරයටද සිය ස්තූතිය පුදකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රි ලංකන් ගුවන් සේවය, ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රි ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රිකව ඉදිරියට යනු ඇතැයි විශ්වාස කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.



