කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, ඔවුන්ගේ සිරුරේ විවිධ ස්ථාන වල සඟවා ගෙන එනු ලබන රත්තරන්, විවිධ මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය, ක්ෂණිකව අනාවරණය කර ගත හැකි විශේෂ ස්කෑන් යන්ත්‍ර රේගු පරිශ්‍රයේ සවි කර ඇති අතර, එම යන්ත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අධීක්ෂණයට ලක් වී ඇත.
ඒ ජනාධිපතිවරයා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කර, කටුනායක ගුවන් තොටුපළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටි අවස්ථාවේදීය.
රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර, ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර ක්ෂණිකව ඔවුන් සඟවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමඟ අනාවරණය කර දෙයි.
ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී මෙම යන්ත්‍ර දැක රේගු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව විමසා මහත් සතුටට පත් වු බවයි වාර්තා වන්නේ.



