වත්තල හේකිත්ත මාර්ගයේ ප්රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.



