රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී අද (02) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි.

වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ නිදා සිටි ගවයෙකුගේ ගැටී අනතුරුව විසිවි ගොස් යාපනය සිට වවුනියාව දෙසට ගමන්ගත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ‍පොලීසිය පැවසුවේ.

අනතුරින් වත්තල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

තුවාලකරු වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව ‌පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News