වේගයෙන් ආ මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට

Share

මහනුවර සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් මොටර් රථයේ ගමන් ගත් රියදුරා සුළු තුවාල ලබා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

ඊයේ (02) පස්වරු 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පත්තුනුපිටිය දුම්රිය ගේට්ටුවව අසලය.

අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථය රියදුරාට නින්ද යාම සහ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගය හරහා ගම්නමානයකට පිවිසමට ඇති අඩි පාරක් අසල පිහිටි පැති බැම්මක ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් මොටර් රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇත.

Read more

Local News