දිස්ත්‍රික්ක 4 කට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Share

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 15 ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පවුල 4153 ක පුද්ගලයින් 18164 දෙනෙකු තද වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර, බදුල්ල, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

Read more

Local News