මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස් තානාපති කාර්යාලය අසල ආරම්භ කළ උපවාසය ඊයේ (02) රාත්‍රී අවසන් කර තිබේ.
පුජ්‍ය අතුරුලියේ රතන හිමියන් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුව උපවාසය මෙලෙස අත්හැර තිබේ.
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහත ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිටට පැමිණ උපවාසයක් ආරම්භ කළේ ඊයේ උදෑසනයි.
ඒ, ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට බල කරමිනි.



