චිලී රාජ්‍යයේ බස් රථ අනතුරක් – 21 ක් මරුට

Share

චිලී රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

බස් රථයක් අඩි 98 ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

වංගු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තට්ටු දෙකක සමන්විත බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ ඒ තුළ 40 දෙනෙකුට වැඩි පිරිසක් ගමන්කරමින් සිට ඇත.

Read more

Local News