විදෙස් දුම්වැටි සමඟ ලාංකීක ගුවන් මගීන් 2ක් අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා 20 හැවිරිදි වියේ පසුවන රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ‌වෙයි.

ඔවුන් දෙදෙනා ඩුබායි සිට ඕමානයේ මස්කට් වෙත පැමිණ, එතැන් සිට ඕමාන ගුවන් සේවයේ WY-381 දරන ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනා විසින් රුපියල් 22,80,000ක් (විසි දෙලක්ෂ අසූ දහසක්) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 25,720 ක් අඩංගු දුම්වැටි කාටූන් 123 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News