නාවික හමුදාව විසින් ඊයේ (02) දින සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමක් අතරතුරදී මෝදර, මුතුවැල්ල වෙරළ තීරයේ තිබු සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇත.
එහිදී මෙම යාත්‍රාව පරික්‍ෂා කිරීමේදී එහි තිබී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයා ගැනීමට සමත්ව ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවත්, මෙම කේරළ ගංජා මුහුදු මගින් ප්‍රවාහනය කිරීමට සුදානම්ව සිට ඇති බවත් කරුණු අනාවරණය කරගෙන තිබේ.
එම සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
අදාල සැකකරු, කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මෝදර, පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.



