රනිල් මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදකී

හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (03) දින පෙරවරුවේ දී මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු අගමැතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත.

Exit mobile version