වැල්ලම්පිටියේ දී විදෙස් ජාතිකයින් 21ක් අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයින් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැල්ලම්පිටිය ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුකළ මෙහෙයුමකදී ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සතුව මෙරට රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති අතර ඇතැමුන් මෙරට විවිධ රැකියා සිදුකර ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 25 ත් 40 ත් යන වයස්වල පසුවන්නන් වෙයි.

Read more

Local News