විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇත.
එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරිමට නියමිතයි.



