දේශපාලනඥයින් සහ රාජ්ය පාරිපාලන නිළධාරින් මෙරට ආබාධිත ප්රජාව සම්බන්ධයෙන් නිසි අවධානයන් යොමු කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ආබාධිත පුද්ගලයින්ගේ දිනය වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද දේශප්රිය මහතා මේ බව සදහන් කළේය.
ඔහු පවසන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස දේශපාලන පක්ෂ නායකයින්ගෙන් තමා ඉල්ලීමක් කරන බවයි.



