ආරක්‍ෂක අංශයේ නිල ඇදුම් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව ‌සහ පොලිසිය එක්ව ඊ‌යේ (03) දින වත්තල ප්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

 

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදු කරනු ලබන එකාබද්ධ මෙ‍හෙයුම් අතරතුර වත්තල ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකය අසලදි මීගමුව සිට කොළඹ දක්වා ගමන්ගත් සැක කටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණය කර තිබේ.

එහිදී එම රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී රථයේ තිබී සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් භාවිතා කරනු ලබන නිලඇදුම් තොගයක් හමුවී ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු විමසිමේදී ඔහු විසින් පැහැදිලි කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති අතර, එහිදී සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරු අවුරුදු 23 වන වියෙහි පසුවන කුඩලුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු, ලොරි රථය සහ නිලඇදුම් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වත්තල, පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Read more

Local News