අදට වසර 45ක් සපිරෙන ලංකාවේ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර

Share

ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදු වි අදට (04) වසර 45 ක් සපිරෙයි.

1974.12.04 දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩිසි 08 ගුවන් යානය ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්තොටුපලින් වන්දනාකරුවන් 182 ක් සහ කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කරමින් තිබුණි.

ඩිසි 08 ගුවන් යානය ආගරපතන, නොර්වුඩ්, කාසල්රි ජලාශයට ඉහළින් ඉතා පහතින් පියාසර කරමින් තිබියදි එදින රාත්‍රි 10.10 ට පමණ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබටන් වතුයායට ඉහලින් පිහිටි සප්ත කන්‍යා කන්දේ ගුවන් යානයේ තටුවක් ගැටි ගුවන් යානයේ ගමන් ගත 191 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි තිබුණි.

ගුවන් අනතුර සිදු වු ස්ථානයට පහලින් ගුවන් අනතුරෙන් මිය ගිය 190 දෙනෙකුගේ සිරුර කන්ද පාමුල මිහිදන් කර ඇති අතර, එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවගේ සිරුර පමණක් ඇයගේ පෙම්වතා ඉන්දුනිසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ සිරුර ඉන්දුනිසියාවට රැගෙන ගිය බව පැවසෙයි.

අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදයක් දැනට නෝටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට විමලසුරෙන්ද්‍ර ජලාශ වේල්ල අසල සිහිවටනයක් සේ තබා ඇති අතර, එම සිහිවටනය අසල ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් යානයේ ගමන් ගත් කාර්යය මණ්ඩලයේ 9 දෙනාගේ නම් සඳහන් කර ස්මාරකයක්ද තනා ඇත.

 

Read more

Local News