රංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් ඉදිරියේදී මහවැලි ගඟ පරිහරණයේදී ප්රවේසම් වන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යයභාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා දන්වයි.
වාන් දොරටු හදිසි විවෘත කිරිම් තුළින් මහවැලි ගගේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යා හැකි බවත්, ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත් ඒ මහතා සඳහන් කරයි.
පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල ප්රදේශයට ලැබෙන අධික වර්ෂාපතනය සමග උමාඔයේ ශීඝ්ර ජල මට්ටම ඉහළ යෑමත් ඒ හේතුවෙන් අධික ලෙස රංටැඹේ ජලාශයට විශාල ජලධාරිතාවයක් එක් රැස්වීම හේතුවෙන්, ජලාශයේ ජල මට්ටම් පාලනය කිරිම සදහා රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත කිරිමට සිදුවන හෙයින් ජලාශයට පහළින් මිනිපේ, මහියංගණ හා ත්රිකුණාමලය දක්වා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසට කාර්යයභාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා දන්වා සිටී.



