උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙළ අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර බදුල්ලේ සිට ධාවනය වන දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙයි.



