කණ්ඩලම වාන් දැමීම නිසා ගමනාගමනයටත් බාධා

Share

කණ්ඩලම වැව වාන් දැමීම ඊ්‌යේ (04) පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

 

පවතින අධික වර්ෂාවත් සමඟ ඊයේ දින පස්වරුවේ අඟල් හයක් පමණ වන දැමූ කණ්ඩලම වැව අද (05) දින උදෑසන වනවිට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

වානෙන් බැස යන ජලය මිරිස්ගොනියා ඔය හරහා කලාවැවට මුදාහැරේ .

මෙම හේතුවෙන් දඹුල්ල වෑවල වැව යන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

විශේෂයෙන් කුඩා පාලමෙන් යතුරුපැදි ත්‍රිරෝද රථ ගමන් කිරීමට හැකිවන අතර වාන මතින් දිවෙන මාර්ගයේ බස් ගමනාගමනයට පමණක් සීමාවී තිබේ.

අනෙකුත් වාහන ගමනාගමනය නවතා ඇති බවට වාර්තා ‌වේ.

වාන මතින් ගමන් කිරීමේ දී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල පොලීසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක  නිලධාරීන් සේවයේ යොදවා තිබෙන බව පොලීසිය පවසයි.

අධික ජල කඳක් පවතින හේතුවෙන් කණ්ඩලම වැවේ වාන අතර දිය නෑම සහ දිය කෙළියේ යෙදීම නොකරන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

විශාල වශයෙන් සංචාරකයන් ගැවසෙන කණ්ඩලම ප්‍රදේශයේ සංචාරක හෝටල් වලට ගමන් කිරීමට ද අපහසුතා රැසක් පවතින බව සංචාරක හෝටල් හිමියෝ කියති.

 

Read more

Local News