වාද්දූව-ගාලු පාර මොල්ලිගොඩ ප්රදේශයේ දී මොටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පානදුර සිට වාද්දූව දෙසට ධාවනය වු යතුරු පැදිය ගාලු පාරෙන් දකුණු පස ඇති අතුරු මාර්ගයට හැරවීමේ දී ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
යතුරු පැදිකරු වයස අවුරුදු 18ක් වු තරුණයෙකු වන අතර ඔහු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ, ඔහුගේ මිත්තණිය වන යතුරු පැදියේ පිටුපස ගමන් ගත් 77 හැවිරිදි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
වාද්දූව පොලීසිය අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



