උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
වයඹ පළාතේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 පමණ තද වර්ෂාපතනයන්ද සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල (ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක) සහ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
දිවයින හරහා විශේෂයෙන්ම, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ ඌව පලාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දන්වා ඇත.



