විභාග මධ්‍යස්ථානයක් ජලයෙන් යටවෙයි – හමුදාව ට්‍රැක්ටර්වලින් දරුවන් ගෙනයයි (ඡායාරූප)

Share

කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය අද (06) උදැසන ජලයෙන් යට වී ඇති බව කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි.

 

යුද හමුදා නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේ, විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලී‍ම් හේතුවෙන් ජලයෙන් යටවී තිබු බවයි.

යුද හමුදා නිලධාරීන් කඩිනමින් මැදිහත් වී දරුවන්ගේ මේස හා පුටු ඉහළ මාලයක් වෙත ගෙනගොස් විභාග මධ්‍යස්ථානය ඉහළ මාලයක ශාලාවක සකස් කර ඇත.

විභාගයට පෙනී සිටින දරුවන් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් පැවසීය.

කිලි‍නොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජි.වි.රවිප්‍රිය මහතාගේ උපදෙස් මත කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් සහන සේවා සපයමින් සිටිති.

Read more

Local News