කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු, මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද (08) සිට 10 වෙනිදා දක්වා තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසයි.

 

අම්පාර, මඩකලපුව, මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100-150ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසයි.

එමෙන්ම කුරුණෑගල, පුත්තලම, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තු පවසයි.

වයඹ, උතර, උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකක්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පෙන්වා දෙයි.

මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගිනිකොන සෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මඩකලපුවේ සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඇති විය හැකි ක්‍රියාකාරී වලාකුළු පද්ධති හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 පමණ ඉහළ වාමට ඉඩ ඇති හෙයින් එම අදාළ මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවයි.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read more

Local News