දියේ ගිලී අතුරුදහන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් ‌සොයා ගනී

වැලිගම ගංදුව මුහුදු ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

 

එම ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ(08) නාවික හමුදාව ක්‍රියාත්මක කළ අතර, එහිදී එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගෙන ඇත.

ඒ අනුව දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදා සහාය ලබා දීමට කටයුතු කරන ලෙස වැලිගම, පොලීසිය විසින් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලදී.

එහිදී නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ග‌ෙ‌න තිබේ.

අදාල මෘත දේහය වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා වැලිගම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version