දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (27දා) පැවති රැස්වීමෙදී මුදල් මණ්ඩලය තීරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තිරණය කර තිබේ.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවතී.