තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවීම සඳහා රැස් කළ ස්ථානයක් වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙනෙකු සමඟ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
පුත්තලම විරුතෝඩේ ප්රදේශයේ කිසිවකුට සැක නොසිතන ලෙසට ඉදිකරමින් පවතින නිවසක මෙම තාරකා ඉබ්බන් රහසේ සඟවා තිබු බවත් එයට අමතරව එම නිවස අවට වලවල් කිපයක ගල් ඉබ්බන් හා කිරී ඉබ්බන් දමා ඇති තිබු බවත් වන ජීවි නිලධාරින් පවසයි.
වනසත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතේ 30 (1) (අ) වගන්තියේ දැඩි ආරක්ෂිත උරග ගනයට අයත් ලෙස තාරකා ඉබ්බන් නම් කර තිබේ.
මෙම තාරකා ඉබ්බන් තබ්බෝව අභය භුමියෙන් අල්ලා විදේශීය රටවලට යැවීමට කටයුතු සිදු කර ඇත.
අදාල තාරකා ඉබ්බන් මෙම ස්ථානයේ මෙයට පෙර රැස් කර තබා ඇති බවත් දිගින් දිගටම කිසිවකුටත් සැක නොසිතන ලෙසට මෙම ජාවාරම මුස්ලිම් ජාතිකයකු මෙහෙයවා ඇත.
වන ජීවි බාරයට ගත් තාරකා ඉබ්බන් අභය භුමියකට නිදහස් කිරීමට කටයුතු කරන බව වනජීවි නිළධාරින් පවසා ඇත.



