යාපනය, පේදුරුතුඩුව ප්රධාන මාර්ගයේ ඊයේ (11) රාත්රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවෙලි පොලීසිය පවසයි.
පොලිසිය පැවසූවේ වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් වයස අවුරුදු 40 ක් වු පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෑන් රථයේ ගැටුණු පුද්ගලයා බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.
වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



