දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහාභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට එයි

Share

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වු මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (11) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 4182 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රී 10.20 ට පමණ දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාවෙන් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක් ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 568 කි.

ඉන් මලල ක්‍රීඩා, ක්‍රිකට්, හෑන්ඩ්බෝල්, පාපන්දු වැනි ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට ආසන්න පිරිසක් ඊයේ මෙලෙස දිවයිනට පැමිණි ඇත.

තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාව රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් ලබාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 251 කි.

Read more

Local News