ශ්‍රි පාද වන්දනාකරුවන් වෙනුවෙන් නව පොලිස් මුර පොළක්

Share

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවනගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රි පාද පුද බිමේ පරිසරය ආරක්ෂා කර ගැනිම සදහාත් නල්ලතන්නියේ ශ්‍රි පාද උඩ මළුව ප්‍රධාන මාර්ගයේ කල්පරුක්ෂ විහාරය අසල ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක් නව පොලිස් මුරපොලක් ස්ථාපනය කල බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

හැටන් පොලිස් අධිකාරි චුලිනි විරරත්න සහ සහකාර පොලිස් අධිකාරි රසික රත්නායක යන මහතුන්ගේ උපදෙස් පරිදි නව පොලිස් මුරපොල ස්ථාපනය කල බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පොලිස් නිලධාරියෙකුගේ අධික්ෂණය යටතේ දිවා රාත්‍රි දෙකේම ක්‍රියාත්මක නව පොලිස් මුරපොල තුල පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිපදෙනෙකු දිවා රාත්‍රි දෙකේම රාජාකාරියේ යොදවා ඇති බවත්, ශ්‍රි පාද වන්දනාවට පිවිසෙන සියළුම වන්දනාකරුවන් පොලිස් මුරපොලේදි දැඩි පරික්ෂාවට ලක් කරන බවයි
පොලිස් ස්ථනාධිපතිවරයා කියා සිටියේ.

මත්පැන්, මත්ද්‍රව්‍යය, දුම්වැටි, පොලිතින් ඇතුළු ශ්‍රිපාද පුද බිමට සහ පරිසරයට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් රැගෙන යාමට අවස ලබා නොදෙන බව ස්ථනාධිපතිවරයා පවසයි.

එම මුරපොලේ සිදු කරන ලද පරික්ෂාවකදි මෙවර ශ්‍රි පාද වන්දනා සමයේ කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍යය රැගෙන යාමට උත්සහ කල තරුණයන් හත් දෙනෙකු මත්ද්‍රව්‍යය සමග සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බවයි නල්ලතන්නියේ පොලිසියේ ස්ථනාධිපතිවරයා කියා සිටියේ.

මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලට අමතරව, නල්ලතන්නිය පොලිසිය මගින් නව පොලිස් මුරපොල පවත්වාගෙන යන බවත්, ශ්‍රි පාද වන්දනාවට හැටන් මාර්ගය ඔස්සේ පැමිණිමේදි ශ්‍රි පාද වන්දනාවට අවශ්‍යය ද්‍රව්‍යය පමණක් රැගෙන එන ලෙසයි පොලිස් ස්ථනාධිපතිවරයා වන්දනාකරුවනගෙන් ඉල්ලා සිටින්නේ.

තවද ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ඇතැම් වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගය භාවිතා නොකර මරේ තේ වත්ත හරහා ශ්‍රි පාද රක්ෂිතය තුලට පිවිස කෙටි මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කරන බවත්, එම මාර්ගය අනාරක්ෂිත බවත්, එම මාර්ගයේ විදුලි අලෝකය පවා නොමැති බවත්, එම රක්ෂිතය තුල දිවියන් විශාල වශයෙන් සැරිසරන නිසා එම මාර්ගයේ ශ්‍රි පාදය කරුණා නොකරන ලෙස නල්ලතන්නියේ පොලිස් ස්ථාණයේ ස්ථනාධිපතිවරයා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

වනජිවි කලාපයක පිහිටි එම මාර්ගයේ ශ්‍රි පාදය කරුණා කිරිම නිසා රක්ෂිතයට අතුල්විමේ චෝදනාව යටතේ වන්දනාකරුවන් දඩුවම් ලැබිය හැකි වරදකටද හසු වන බවයි නල්ලතන්නිය පොලිස් ස්ථනාධිපතිවරයා කියා සිටින්නේ.

Read more

Local News