මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

ඌව හා නැගෙනහිර පළාත්වල සහ යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වෙයි.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News