රත්මලාන, කොළොන්නාව සහ රත්නපුර යන ප්‍රදේශවලදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිගෑම් 4360ක ප්‍රමාණයක් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.